ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්න
ප්‍රාදේශීය ලේකම් |
||
![]() |
නම | එ.ඇන්ටන් යෝගනායගම් මිය |
| සුදුසුකම් | ශ්‍රී ලංකා පරිපාලන සේවය I | |
| රැකියා ඉතිහාසය |
|
|
සහකාර ප්‍රාදේශීය ලේකම් |
||
![]() |
නම | අජිතා ප්රරදීපන් මිය |
| සුදුසුකම් | SLAS II | |
| රැකියා ඉතිහාසය |
|
|
ගණකාධිකාරි
|
||
![]() |
නම | ආරුමුගම් කිරිදරන් මහතා |
| සුදුසුකම් | SLAcs I | |
| රැකියා ඉතිහාසය | ||
සහකාර අධ්යක්ෂ සැලසුම්
|
||
![]() |
නම |
පිරින්තිනි ජයන්තන් මහත්මිය
|
| සුදුසුකම් | ||
| රැකියා ඉතිහාසය | ||
| පරිපාලන නිලධාරී | ||
![]() |
නම | ආරුමුගම් සත්තියමූර්ති මහතා |
| සුදුසුකම් | ||
| රැකියා ඉතිහාසය |
|
|
| අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | ||
| නම | ලිට්වින් වේලාජිනි ජයතිලක මිය | |
| සුදුසුකම් | ||
| රැකියා ඉතිහාසය | ||
| රජයේ පරිවර්තකයෙක්- I | ||
| නම | තයාලිනි කිට්නපිල්ලෛ මහත්මිය |
|
| සුදුසුකම් | ||
| රැකියා ඉතිහාසය | ||
පරිපාලන නිලධාරී (ග්‍රාම නිලධාරි) |
||
| නම | පෝල් රාජදුරෛ ජේසුතාසන් මහතා |
|
| සුදුසුකම් | GN Admin (Actg) | |
| රැකියා ඉතිහාසය | පටන් 1994 August 1st | |
| සමෘද්ධි කළමණාකරු |
||
| නම | කරුනානිති මහතා |
|
| සුදුසුකම් | ||
| රැකියා ඉතිහාසය | ||
කොළඹ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් පුරවැසියන් සදහා ලබා දෙනු ලබන සියලුම සේවා කාර්යාලීය පෙරටු කාර්යාලය මගින් ඉටු කරගැනීමේ පහසුකම් ලබා දී ඇත. සාමාන්‍යයෙන් උප්පැන්න, විවාහ, මරණ සහතික ලබා ගැනීමේදී අයදුම්පත්‍ර පුරවා දිය යුතු නමුත් මෙම කාර්යාලයෙන් ලබා ගැනීමට පැමිණීමේදී රැගෙන ආ යුතු වන්නේ අදාල වටිනාකමට මුද්දර පමණි. වර්තමානයේදී තොරතුරු හා සංනිවේදන තාක්ෂණ ක්‍රම භාවිතා කරමින් වඩාත් උසස් රාජ්‍ය සේවයක් ලබා දීමට සංවිධානාත්මක ව්‍යුහයත් නිර්මාණශීලී මානව සම්පතත් යොදා ගනු ලබයි. දිනකට සේවා ලාභීන් 200 කට අධික ප්‍රමාණයක් අප ආයතනයෙහි සේවා ලබා ගැනීමට පැමිණේ. ඊ-ප්‍රාදේශිය ලේකම් කාර්යාල, උපත්, විවාහ, මරණ සහතික පරිගණකය මගින් කොළඹ දිස්ත්‍රික්කයේම සහතික ලබා දීම, ඊ-විශ්‍රාම වැටුප්, ගෘහ මූලික ලේඛණ පරීක්ෂා කර සේවා ලබා දීම යන සියළුම නව සංකල්ප සියල්ලම පවතින එකම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයද මෙයවේ.
ඓතිහාසික කොළඹට “කොළඹ ” යන නම පැවතීමේ සම්ප්රදානුකූල සම්භවය වන්නේ “කොළොන්තොට” යන කැළණි නදියේ නැවතුම් පළ යන්නයි. සිංහලයන්ගේ කොළඹ යන්නෙහි සම්භවය, එනම් කොළ අඹ තොට යන්න අඹ ගස් සහිත වරායයි. බ්‍රිතාන්‍ය අධිරාජයෙහි අධිකාරිත්වය යටතේ වර්ෂ 1815 දී කොළඹ ලංකාවේ අගනුවර බවට පත්විය. කෙසේ වෙතත් 1948 වර්ෂයේ නිදහස ලබා ගන්නා තෙක් කොළඹ නගරය ලංකාවේ අගනුවර ලෙස පැවතිනි. වර්ෂ 1978 දී ලංකාවේ පරිපාලන අගනගරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වන විට කොළඹ වාණිජ නගරය ලෙස සැලකිනි.
අවුරුදු 2000 ක් පුරා කොළඹ නගරය වෙළෙදුන් විසින් දැන සිටියහ. රෝම, චීන, අරාබි වෙළදුන් කොළඹ නගරයට දැඩි රුචිකත්වයක් දැක්වීය. මන්ද එය ඔවුන්ගේ වෙළදාම විශාළ ලෙස වැඩි දියුණු කළා. 1505 දී පෘතුග්‍රීසින් මෙරටට පිය නැගූ අතර, ඒ ඔවුන්ගේ කුලු බඩු වෙළදාම තුලින් ප්රතිලාභ ලබා ගැනීම සදහාය. ලංදේසි යුගය තුළ පෙරදිග ඉන්දීය වෙළද සමාගමේ දැඩි පාලනය යටතේ කොළඹ ඔවුන්ගේ මුහුදු කලාපීය අගනුවර ලෙස සැලකීය. 1796 දී පැමිණි ඉංග්‍රීසින් අවසන් වසයෙන් මෙහි පැමිණි ආක්‍රමණිකයන් වශයෙන් සැලකේ. 1866 දී නගර සභා ස්ථාපනය කරන තෙක් කොළඹ නගරය බස්නාහිර පලාත් ආණ්ඩුවේ ඒජන්ත විසින් පාලනය කරන ලදි.
1999 වසරට පූර්වයෙන් කොළඔ මහ නගර සභා බල ප්‍රදේශය එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ලෙසින් විය. ඉන් පසු මෙම කාර්යාලය තිඹීරිගස්යාය හා කොළඔ යන ලෙසින් ප්‍රාදේශිය ලේකම් කාර්යාල වශයෙන් කොටස් දෙකකට බෙදිණි. කොළඹ මහ නගර සභාවෙහි නාගරික කොට්ඨාශ 47 කි. ඒ අනුව ග්‍රාම නිලධාරී කොට්ඨාශ බෙදා තිබුණද ජන ගහනය අනුව තවත් කුඩා ඒකකවලට බෙදීමේදී තවත් කොට්ඨාශ 8 ක් එකතු වී ඇත. ඒ අනුව මුළු සංඛ්‍යාව 55 කි. එයින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 35 ක් කොළඹ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් වේ.
2001 ජන සංගණන වාර්තා අනුව කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ජනගහනය ජීවත් වනුයේ කොළඹ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුලයි. ජන සංගණන වාර්තාවන්ට අනුව ජනගහනය 377,396 ක් වූ අතර 2005 වන විට 425000 පමණ බවට ඇස්තමේන්තු කර ඇත. මෙය දිස්ත්‍රික් ජනගහනයෙන් 16.9% කි. එතැන් පටන් විවිධ වෙනස්වීම්වලට භාජනය වෙමින් අද පවත්නා තත්වය දක්වා මෙම කාර්යාලය දිනෙන් දින දියුණුව කරා පියමනිමින් සිටී.
| නම | සිට | දක්වා |
| රේමන් පෙරේරා | 1991 | 1991 |
| ඒ.එච්.එම්.පී. අබේසිංහ | 1992 | 1994 |
| ආර්.ඒ.ඩී. පෙරේරා | 1994 | 1996 |
| වාස් සිරිල් ගුනවර්ධන | 1994 | 1996 |
| ජී.ඒ.ජේ. සිල්වෙස්ටර් | 1996.08.27 | 2001.08.31 |
| එම්.පී.ඊ. රුක්මනි | 2001.10.01 | 2005.01.31 |
| ඒ.ජේ. කරුණාරත්න (වැ.බ.) | 2005.02.01 | 2005.06.07 |
| කාන්ති පෙරේරා | 2005.06.08 | 2007.07.05 |
| ඒ.ජේ. කරුණාරත්න (වැ.බ.) | 2007.07.06 | 2008.03.31 |
| කේ.ජී. ධර්මතිලක | 2008.04.01 | 2013.06.30 |
| අමල් ජේ.එස්.එස්. එදිරිසූරිය (වැ.බ.) |
2013.07.01 |
2013.10.31 |
| ඩී.පී. වික්‍රමසිංහ | 2013.11.01 |